Saturday, January 16, 2010

eVote Results.....

Who are the killers of HON.. Mr. (Late) Wijaya Kumaranathunga

ෆොන්සේකා ස්ත‍්‍රී දුෂණයේ ලිඛිත සාක්‍ෂි මෙන්න...

2009 දෙසැම්බර් 15 වෙනි අඟහරුවාදා, 19:35 lanka C news

ලංකා සී නිවුස් විසින් ප‍්‍රථම වරට අණාවරණය කරන ලද සරත් ෆොන්සේකාට අදාල ස්ත‍්‍රී දුෂණ ප‍්‍රශ්ණයේ ලිඛිත තොරතුරු ඉදිරිපත් කිරීමට අපට හැකි වී තිබේ. මේ සමඟ පල කෙරෙනුයේ යුධ හමුදා අධිකරණය විසින්, සරත් ෆොන්සේකාට අදාල ස්ත‍්‍රී දුෂණ නඩු විභාගයේ තීරණය ඇතුලත ලේඛණයයි. එහි ‘‘දඬුවම කා විසින් දෙනු ලැබුවේද?’’ යන ශීර්ෂයේ අත්සන් තබා ඇත්තේ යුධ හමුදාපතිව සිටි සිරිල් රණතුංගයි. මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ 1975 දෙසැම්බර් 25 දිනය.

දියතලාව යුධ හමුදා පුහුණු මධ්‍යස්ථානය යනුවෙන්ද එහි සඳහන් කර තිබේ. ජී.එස්.සී. ෆොන්සේකාට එරෙහිව නඟ ඇති චෝදනාව යනුවෙන්ද මෙහි සඳහන්ව තිබේ. වරද යනුවෙන් දැක්වෙන ශීර්ෂයේ එහි සඳහන්ව ඇත්තේ මහත්මයෙකුට හා නිළධාරියෙකුට තරම් නොවන ක‍්‍රියාවක් වනුවෙනි. සාමාන්‍යයෙන් යුද හමුදා අධිකරණය ස්ත‍්‍රී දුෂණය වැනි චෝදනාවක් ඒ අයුරින්ම සඳහන් කරනුයේ නැත.

























































වාර්තාවේ පසුපිටේ එවකට කර්නල් රණතුංගගේ අත්සන සහිතව සඳහන් කර ඇත්තේ ෆොන්සේකා විසින් වරද පිළිගත් බවයි. මෙහි අදාල වාර්තාවේ දෙපස වෙන වෙනම පෙන්නුම් කර තිබේ.

ෆොනී අතවර කල යුවතිය මානසික රෝගියෙක්..

2009 දෙසැම්බර් 16 වෙනි බදාදා, 15:29 lanka C news

සරත් ෆොන්සේකා ලූතිනන් නිලය දරණ ලද 1975 දෙසැබර් මාසයේදී ඔහු විසින් දුෂණයට ලක් කරන ලද තරුණිය පසු කලෙක මානසික රෝගී තත්වයට පත් වූ බව වාර්තා වේ.

මෙම තරුණිය මෙහෙකාර වෘත්තියේ නියැලී සිටියේ, දැනට මියගොස් සිටින ශ‍්‍රී ලංකා සංහ රෙජිමේන්තුවේ මේජර් ජනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේය. එය පිහිටා තිබුණේ දියතලාව හමුදා පුහුණු පාසල ආශ‍්‍රිතවය. ඇය ඉමහත් වධ බන්දන වලට ලක්වී දුෂණය වීමෙන් පසු නැවත ඇයගේ ගම් ප‍්‍රදේශය බලා පිටත්ව ගොස් තිබේ. ඇයගේ ගම් ප‍්‍රදේශය වන්යේ මැදවච්චියයි. ධනවතී නැමති ඇය මානසික රෝගියෙකු බවට පත්වී ඇත්තේ නැවත මැදවච්චියට පිටත්ව ගිය පසුය.

මෙම ස්ත‍්‍රී දුෂනය සම්බන්ධව යුධ හමුදා අධිකරණය පනවන ලද පරීක්‍ෂණයේදී සරත් ෆොන්සේකා වරද පිළිගෙන තිබේ. ඔහු තම වරද පිළිගත් බැවින් තරයේ අවවාද කිරීමට පමණක් ඔහු යටත් කර ඇත. කෙසේ වෙතත්, මේ හේතුව මත හමුදාවේ විනයානුකූල හා චරිතවත් පැවැත්ම ඇති නිළධාරීන්ට පමණක් පිැිනමන උත්තම සේවා පදක්කම සරත් ෆොන්සේකා වෙත හමුදාපති වන තුරුම ලැබී තිබුණේ නැත. හමුදාපති වීමෙන් පසුව තම පෞද්ගලික ලිපි ගොනුවෙන් අදාල යුධ අධිකරණ තීන්දුව ගැන කියවෙන ලිපි ලේඛණ ඉවත් කල සරත් ෆොන්සේකා ‘‘උත්තම සේවා පදක්කම’’ තමන් විසින්ම පළඳවාගෙන තිබේ.

ෆොන්සේකා ස්ත‍්‍රී දූෂණ කතාව කරලියට..

2009 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා, 13:25 lanka C news

ජනාධිපති ධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත‍්‍රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප‍්‍රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්‍ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක‍්‍රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත‍්‍රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්‍ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප‍්‍රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

මෙකී ස්ත‍්‍රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්‍ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප‍්‍රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත‍්‍රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්‍ෂා කරමු.

ෆොන්සේකා ස්ත‍්‍රී දුෂකයෙක්..!

2009 දෙසැම්බර් 11 වෙනි සිකුරාදා, 11:39 lanka C news

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා, යුධ හමුදා අධිකරණය මඟින් ස්ත‍්‍රී දුෂණ චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයකු බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඔහු යුධ හමුදාපති තනතුරට පත්වීමට බොහෝ කලකට පෙරය.

මෙම ස්ත‍්‍රී දුෂණයට අදාල යුධ හමුදා අධිකරණයේ තීන්දුව මේ වන විට ආණ්ඩුවේ බලධාරීන් වෙත ලැබී ඇතැයිද පැවසේ. කරුණු සහිතව එම නඩු තීන්දුව ප‍්‍රසිද්ධියට පත් කිරීමට සන්ධානයේ නායකයන් සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඉදිරියේදී මීට අදාල සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ‘‘ලංකා සී නිව්ස්’’ සූදානමින් සිටියි.

ධනවතී කට අරින හැඩයි...

2010 ජනවාරි 13 වෙනි බදාදා, 22:07 lanka C news

1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද ධනවතී නැමැති කාන්තාව තමන්ට අත් වූ ඉරණම පිළිබඳව රටට හෙළි කිරීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාව දැනට පදිංචිව සිටිනුයේ අනුරාධපුරයේ මැදවච්චිය ප‍්‍රදේශයේය. ඇය 1975 දී මෙහෙකාර වෘත්තියේ යෙදී සිටියේ එවකට කර්නල් (පසුව මේජර් ජනරාල්) ගැමුණු කුලතුංගගේ නිවසේය. අදාල නිවස පිහිටා ඇත්තේ දියතලාව යුධ හමුදා පුහුණු කඳවුර ආශ‍්‍රිත පරිශ‍්‍රය තුලමය. මෙම ප‍්‍රශ්ණය ධනවතී විසින් පාපොච්චාරණය කිරීමෙන් පසුව අදාල යුධ හමුදා අධිකරණය හමුවට සරත් ෆොන්සේකාව කැඳවා තිබේ. එම යුධ අධිකරණය මෙහෙයවා ඇත්තේ එවකට කර්නල් (පසුව ජනරාල්) සිරිල් රණතුංග විසින්. එහිදී සරත් ෆොන්සේකා අදාල චෝදනා සම්බන්ධව වරද පිළිගෙන තිබේ. වරදි පිළිගැනීමෙන් පසුව, කර්නල් ගැමුණු කුලතුංග හමුවේ බැගෑපත් වූ ෆොන්සේකා සිවිල් අධිකරණය හමුවට අදාල ප‍්‍රශ්ණය ගෙන යාම වළකා ඇත. ඒ සඳහ ඔහු මුදල් ප‍්‍රමාණයක් ධනවතී නැමැත් කාන්තාව වෙත ගෙවා ඇති බවද වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසුව කලක් මානසික රෝගී තත්වයෙන් පසුවූ ධනවතී මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව අපගේ ආරංචි මාර්ග පවසයි. ඇය නුදුරු දින කිහිපය තුල මාධ්‍ය හමුවට පැමිණ සරත් ෆොන්සේකා විසින් තමන්ට කල හානිය පිළිබඳව විවෘත ප‍්‍රකාශයක් සිදු කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා විසින් හමුදාවෙන් පලාගිය විශේෂ කණඩායමක් ධනවතී පිළිබඳව සොයා බැලීමට මැදවච්චියට පිටත් කර යවා තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ධනවතී සිටින්නේ කොළඹ විශේෂ ස්ථානයක බවයි.

Ponna Saaadaya (BIGGEST)...........!!!

Local Edition of AVATAR....!!!

The Real Patriot.....!!!

Empty Space on............ ( :D )

History Lesson

එකල ලංකාද්වීපයෙහි,

හත්වෙනි මහින්ද රජතුමා සිහසුනට පත්ව මිනීමරු සොලීන් පළවා හැර ජාතියම
එක්සේසත් කළ සේක. තමන් වටා සිටින මැති ඇමැත්තන්ගේ විශ්වාසයේ ස්භාවය ශ්‍රී
බුද්ධි මහිමයෙන් වටහා ගත් එ‍තුමෝ රාජ්‍ය පාලනයේදී ස්වකීය සහෝදරයන්ගේ හා
රජ පවුලේ සාමාජිකයන්ගේ සහය නොමසුරුව ලබා ගත්හ. එතුමාණන්ගේ සහෝදර
‍කුමරුවෝද එහිලා බඩ බැඳගෙන ඒ රාජකාරිය ඉටු කිරීමට එතුමාට අනලස්ව සහය ලබා
දුන්හ‍. සොලී සමූල ඝාතනයෙන් සය මසක් ඉක්ම ගිය තැන්හි රජුගේ මහ සෙනෙවි රටේ
ආරක්ෂාව භාරව රාජකාරි කල එතුමන්ගේ සහෝදර කුමරුවන් හා කිපී තමන් විසින්
සොලී යුද්ධය නිම කරන ලදැයි යන මාන්නයෙන් ඔද වැඩී මහ රජුගේ සිහසුනට අභියෝග
කළාහු ය. එයිනුදු නොනැවතී මහරජුද සහෝදර කැලද සොර දෙටු කැලක් බව හා ඔවුන්
රාජ්‍ය භාණ්ඩාගාරය උලා කන බව කියමින් තමන් සිහසුනට පත් කළ හොත් රාජ්‍ය
භාණ්ඩාගාරය රැකගෙන රට බත බුලතින් පෝෂණය කරන බව කියමින් ලංකාද්වීපයෙහි
රැවටෙන සුළු ජනතාව අන්ද මන්ද කළහ. සොලීන් හා හොර ගිවිසුම් ගසමින් මහරජුගේ
දේශප්‍රේමී සටන ලත් තැනම ලොප් කිරීමට වලි කෑ දේශ විදේශ සොර දෙටුවන් සියළු
දෙනාද මහ සෙනෙවි වටා රොද බැඳ ගත්හ.

මෙය නම් මහා විනාශයක පෙර නිමිත්තැක් යැයි ද යුදයෙහි පමණක් දක්ෂ වූ මෙම
රෞද්‍ර සෙනෙවියා කෙරෙහි විශ්වාසය තැබීම සුදුසු නොවන්නේ යැයි එරටවැසි යමක්
කමක් තේරෙන පඬුවෝ ද කලාකාරයෝද අන් බුද්ධිමතුන් ද ජනතාවට ප්‍රකාශ කළහ.
අ‍ඳෝමැයි. අමතක වීමෙහි නම් දරා සිටි ලංකාද්වීපයෙහි සිහසුනට සුදුස්සන්
තේ‍රී‍මට ඡන්දය ලබා දෙන ගුවන්ගත (පාවෙන) ඡන්ද හිමියන් ලෙස සැලකෙන රට වැසි
කැලද පොදි කමින් ගොස් සෙනෙවි තුමාට ස්වකීය මනාපය පල කලහ. අවසන අමිල
සේවයක් ලංකාද්වීපය වෙනුවෙන් සිදු කල මහින්ද රාජෝත්තමයාණන් අළු පල්ලට ඇද
වැටී මහසෙනෙවි පොන්සේකර් තෙමේ සිහසුනට පත් වූහ. වල පල්ලටම ඇද වැටී සිටි
සොලී සතුරු කැල ද ඇතුළු ලංකාද්වීපයෙහි සතුරු කැල මින් අමන්දානන්දයට පත්
වූහ.

බලයට පැමිණි පොන්සේකර් තෙමේ ස්වකීය පළමු රාජකාරිය වශයෙන් සොලී සංහාරයට
මුළු ශක්තියෙන් උර දුන් ස්වකීය පරම සතුරා වූ මහරජුගේ සහෝදර කුමරුවන්
ඇතුළු මහ සටනේදී තමන්ට වඩා කුමරුවන්ට හිතවත්ව සිටි සෙනෙවියන් සියළු දෙනා
හට යුද අපරාධ චෝදනා නඟා සක්විති රජ්ජුරුවන් අභිමුවේ පැවැත්වෙන නඩු
විභාගයකට යොමු කල සේක. සුදු කොඩි රැගෙන පැමිණි අහිංසක සොලී කැරැලි
නායකයන් පිරිසක් අමු අමුවේ මරා දමන ලදැයි ඔවුන්ට චෝදනා කෙරින. ඉක්බිති මහ
සෙනෙවි තනතුරට ද චක් ගෝලයෙකු පත් කරගෙන අනෙකුත් සෙනෙවි තනතුරු සඳහා ද
අතවැසියන් පත් කර ගත්හ. ඉක්බිතිව පැවති රජවාසල ඇත්තන් තෝරන ඡන්දයෙන් ද
ජනතාව පොන්සේකර් තෙමේට සේවය පිණිස කඩ වීදියට ගිය මුග්ධ සොර දෙටු කැලම පත්
කර ගත්හ.

තමන් සිහසුනට පත්වූ පසු සිහසුනේ බලතල අඩු කරන බවට ලක් වැසි ජනයාට දුන්
පොරොන්දුව ඉටු කරමින් පොන්සේකර් තෙමේ තමන්ට පැවරී තිබූ රජ වාසල සඳහා කසල
ශෝධකයන් සැපයීමට ඇති බලය වැනි බලතල කිහිපයක් රාජ සභාවට ලබා දුන්හ. මෙම
පොරොන්දුව ඉටු නොකරන තුරු (ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු) බලා සිටි රක්ත වර්ණ
රාජ සභා නියෝජිතයන් ‍පිරිස මේත් සමඟම රජු හා උරණ වූ බවක් පෙන්වා තමන්ට
උරුම විපක්ෂ සභාවේ ලැගුම් ගත්හ. ඉන් පසු රජ තෙමේ රජ වාසල ඇමති තනතුරු
සියල්ලම සඳහා ‍අනෙක් සොර දෙටු කැලද සොලී හිතවාදී පිරිස ද පත් කර ගත්හ.
සොර දෙටු කැලේ ප්‍රධානී හා නපුංසකයෙක් යැයි ජනතාව අතර කසු කුසුවෙන්
පැතිරී ගිය ‍අග සොර දෙටුවා අග ඇමැති තනතුරට පත් වූහ. තමන් රජවූ පසු
මොවුන් සියල්ලටම කෙලවා තමන්ට අවශ්‍ය විදියට රාජ්‍ය පාලනය කරන්නැම් යැයි
යටි හිතින් සිතමින් සිටි පොන්සේකර් තෙමේට රජ කම ලබා ටික දිනකින්ම මේ නම්
තමන්ට තනියම කළ හැකි කෙළියක් නොවන බව වැටහෙන්නට විය. මහින්ද රාජෝත්තමයාට
මෙන් ළංකර ගැනීමට විශ්වාස වන්ත නෑසියෙක්ද නොසිටි බැවින් එතුමන් තවත් අසරණ
විය. මේ අතර එතුමන්ගේ සිටි නොසිටි මිත්‍රයන්ද යුද පිටියේ මිතුරන්ද කෙමෙන්
කෙමෙන් එතුමාට ලංවන්නට වූහ. පොන්සේකර් තෙමේ ඔවුන්ට නොමසුරුව උපදේශක
තනතුරු පිරිනැමූහ. ආර්ථික පාලනය තමන් නොදන්නෙම්හ යැයි තමන්ම කියා සිටි
පොන්සේකර් තෙමේට මොවුන් විසින් කෞටිල්‍යයට නොපරදින අර්ථ ශාස්ත්‍ර උපදෙස්
ලබා දුන්හ. මෙය නම් චිංචි රැජිනගේ කිචන් රාජ සභාවට සමවූවක් බව ජනතාවට
කෙමෙන් කෙමෙන් වැටහෙන්නට විය. මේ අතර ඇමති සොර දෙටු කැලද කෙමෙන් කෙමන්
ස්වකීය පුරුද්ද වූ භාණ්ඩාගාරය හිස් කිරීම අරඹන්නට වූහ. ජනතාව අතර ද
නොසන්සුන් කම් ඇතිවී කළ කෝලාහල පැන නඟින්නට විය. බටහිර රජවරුන්ට පශ්චාත්
භාගය පුද කිරීම