Saturday, January 16, 2010

ධනවතී කට අරින හැඩයි...

2010 ජනවාරි 13 වෙනි බදාදා, 22:07 lanka C news

1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද ධනවතී නැමැති කාන්තාව තමන්ට අත් වූ ඉරණම පිළිබඳව රටට හෙළි කිරීමට සූදානමින් ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාව දැනට පදිංචිව සිටිනුයේ අනුරාධපුරයේ මැදවච්චිය ප‍්‍රදේශයේය. ඇය 1975 දී මෙහෙකාර වෘත්තියේ යෙදී සිටියේ එවකට කර්නල් (පසුව මේජර් ජනරාල්) ගැමුණු කුලතුංගගේ නිවසේය. අදාල නිවස පිහිටා ඇත්තේ දියතලාව යුධ හමුදා පුහුණු කඳවුර ආශ‍්‍රිත පරිශ‍්‍රය තුලමය. මෙම ප‍්‍රශ්ණය ධනවතී විසින් පාපොච්චාරණය කිරීමෙන් පසුව අදාල යුධ හමුදා අධිකරණය හමුවට සරත් ෆොන්සේකාව කැඳවා තිබේ. එම යුධ අධිකරණය මෙහෙයවා ඇත්තේ එවකට කර්නල් (පසුව ජනරාල්) සිරිල් රණතුංග විසින්. එහිදී සරත් ෆොන්සේකා අදාල චෝදනා සම්බන්ධව වරද පිළිගෙන තිබේ. වරදි පිළිගැනීමෙන් පසුව, කර්නල් ගැමුණු කුලතුංග හමුවේ බැගෑපත් වූ ෆොන්සේකා සිවිල් අධිකරණය හමුවට අදාල ප‍්‍රශ්ණය ගෙන යාම වළකා ඇත. ඒ සඳහ ඔහු මුදල් ප‍්‍රමාණයක් ධනවතී නැමැත් කාන්තාව වෙත ගෙවා ඇති බවද වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසුව කලක් මානසික රෝගී තත්වයෙන් පසුවූ ධනවතී මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව අපගේ ආරංචි මාර්ග පවසයි. ඇය නුදුරු දින කිහිපය තුල මාධ්‍ය හමුවට පැමිණ සරත් ෆොන්සේකා විසින් තමන්ට කල හානිය පිළිබඳව විවෘත ප‍්‍රකාශයක් සිදු කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා විසින් හමුදාවෙන් පලාගිය විශේෂ කණඩායමක් ධනවතී පිළිබඳව සොයා බැලීමට මැදවච්චියට පිටත් කර යවා තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ධනවතී සිටින්නේ කොළඹ විශේෂ ස්ථානයක බවයි.

No comments:

Post a Comment