Saturday, January 16, 2010

ෆොන්සේකා ස්ත‍්‍රී දූෂණ කතාව කරලියට..

2009 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා, 13:25 lanka C news

ජනාධිපති ධූර අපේක්‍ෂක සරත් ෆොන්සේකා ලූතිනන් වරයෙකු වශයෙන් හමුදාවේ රාජකාරි කරන සමයේ ඔහු විසින් පිළිගෙන ඇති ස්ත‍්‍රී දුෂණයකට අදාල තීන්දුවේ ලිපි ලේඛන තව නොබෝ දිනකින් රට හමුවේ ප‍්‍රසිද්ධියට පත් කිරීමට ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සිටින කාලයේ ඔහු අදාල පුද්ගලික ලිපි ගොනුවේ මේ සම්බන්ධ ලිපි ලේඛණ ඉවත් කර ඇතත්, ඒවා වෙනත් පාර්ශවයන් අතද ආරක්‍ෂා වී පැවතීම විසින් අදාල සිද්ධිය කරුණු සහිතව අණාවරණය කිරීමට හැකි වී තිබේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ ෆොන්සේකා ලූතිනන් නිලය හොබවන කාලයේදීය. එම කාලය තුල ඔහු රාජකාරියේ නියැලී සිට ඇත්තේ දියතලාව යුධ හමුදා කඳවුරේය. එහි තනිකඩ නිවාස තුල සිටියදී ඒ ආසන්නයේ වූ විවාහක නිළධාරීන්ගේ නිවසක සේවය කල යුවතියක් මෙම අතවරයට ලක්ව තිබේ. මේජර් ජනරාල් ගැමුණු පරාක‍්‍රම කුලතංගගේ නිවසේ එම යුවතිය සේවය කර තිබේ. රාත‍්‍රී කාලයේ යුධහමුදා පොලීසිය විසින් තනිකඩ නිවාස වටලා පරීක්‍ෂා කිරීමේදී අදාල මෙහෙකාර තරුණිය එම නිවාසයක සිටියදී සොයාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ලූතිනන් සරත් ෆොන්සේකා විසින් තමන්ව දුෂණය කරන ලද බවයි.

මේ පිළිබඳව යුද්ධාදිකරණය ෆොන්සේකාට එරෙහිව චෝදනා එල්ල කිරීමේදී ෆොන්සේකා එම සියළු චෝදනාවන් පිළිගෙන තිබේ. එකල කර්නල් තනතුරේ වූ ජෙනරාල් සිරිල් රණතුංග මෙම නඩු විභාගය සිදු කර ඇත. සිරිල් රණතුංග එකල එම ප‍්‍රදේශයේ අණ දෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කර තිබේ.

මෙකී ස්ත‍්‍රී දුෂණ චෝදනාවට තමන් වරදකරුයයි ෆොන්සේකා පිළිගත් බැවින් සාක්‍ෂි විභාගයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී නොමැත. ඒ අනුව ඔහුට තරයේ අවවාද කර, සුළු දඬුවමක් පමුණුවා තිබේ.

යුධ හමුදාවන්හි ‘උත්තම සේවා පදක්කම’ යම්කිසි නිළධාරියෙකුට හිමි වනුයේ රාජකාරියට කැළලක් වන කිසිදු සිදුවීමකට ඔහු සම්බන්ධ වී නොමැත්තේ නම්ය. ඒ අනුව සරත් ෆොන්සේකාට යුධ හමුදාපති වන තුරුම මෙම ‘උත්තම සේවා’ පදක්කම ලැබී තිබුණේ නැත. නමුත් ඔහු යුධ හමුදාපති ධූරයට පැමිණීමෙන් පසු තම පෞද්ගලික ලිපි ගොනුවේ තිබූ තමන්ට හානිකර සියළු ලිපි ලේඛණ ඉවත් කර උත්තම සේවා පදක්කමද පළඳවා ගැනීම සිදු කර තිබේ.

මෙම සිද්ධියට අදාල සියළු තොරතුරු ඉදිරියේදී ප‍්‍රසිද්ධ කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතී. එම තොරතුරු අණාවරණය කිරීමත් සමඟ ෆොන්සේකාට සහාය දෙන ජනතා විමුක්ති පෙරමුණ ඉමහත් අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ‘‘යහ පාලනය ගෙන එන්න - ස්ත‍්‍රී දුෂකයා දිනවන්න’’ යන තේමා පාඨය එතැන් සිට ජවිපෙ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත යුතු යයි ආණුඩුවේ දේශපාලඥයන්ගේ මතය වී තිබේ.

මීට අදාල තවත් තොරතුරු ඉදිරියේදී අණාවරණය කිරීමට අපි අපේක්‍ෂා කරමු.

No comments:

Post a Comment